77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි.
“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා.
මෙවර නිදහස උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කරනු ලැබුවා.
එමෙන්ම වෙනත් නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩියෙන් වශයෙන් මේ සදහා සහභාගි වුණා.