නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ නාවික හමුදාව ත්‍රීකුණාමලය කල්ලඩිචේනයි වෙරළ තීරයේ පසුගිය 28 වනදා සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
එහිදී නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර 117ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සිය භාරයට ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහි නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය විසින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ත්‍රීකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේදී සිදුකර තිබෙනවා.
නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 57ක් පමණ වන ත්‍රීකුණාමලය තෝපූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි නාවික හමුදාව පවසන්නේ.
සැකකරු සහ කැස්බෑ බිත්තර තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර වනජීවි කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව කියා සිටියේ.













