සුළි කුණාටුවක අවදානමක් හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් ලක්ෂ 05කට අධික පිරිසකට එරට බලධාරීන් විසින් ඉවත් වීමේ නිවේදන නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
‘කජිකි‘ ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200ක වේගයකින් වියට්නාමය හරහා හමායනු ඇති බවට අපේක්ෂා කරන බව එරට බලධාරීන් සඳහන් කළේ.
ඒ අනුව තාන් හොවා, කුවාම්, ඩා නෑන්ග් යන ප්‍රදේශවල පදිංචිකරුවන් 586,000ක පිරිසක් පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇති තිබෙන බවයි සඳහන් වන්නේ.