කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය නියමිත වේලාවට වඩා පැය දෙකකට ආසන්න කාලයක් පමා වීම හේතුවෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට පැමිණ සිටි විදේශිකයන් පිරිසක් සිදු කළ විනෝදජනක සිදුවීමක් අප කැමරා කාචයේ මෙලෙස සටහන් වූවා.
පොඩි මැණිකේ දුම්රියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පැය දෙක්ක පමණ ප්‍රමාද වී ධාවනය වන බවට නානුඔය දුම්රිය ස්ථානාධිපතිවරයා දැනුම්දීමෙන් පසු දුම්රිය ස්ථානයේ එක් පසෙකට එක්වූ සියලුම විදේශිකයන් දුම්රිය පැමිණෙනතුරු ගීත ගායනා කරමින් නර්ථනයේ යෙදෙන අයුරු දක්නට ලැබුණා.
පස්වරු 2.55ට නානුඔය දුම්රිය ස්ථානයට ළඟාවිය යුතු දුම්රිය පස්වරු 4.55ට පමණ නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව එම විදේශිකයන් පිරිස සතුටින් එම දුම්රිය ගමනාන්තය දක්වා ගමන් කරනු ලැබුවා.