බගවන්තලාව ප්‍රදේශයේ රථ වාහන නීති උල්ලංඝනය කරමින් ධාවනය වන ලොරි රථ කිහිපයක් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ රියදුරන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.
බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු ආශ්‍රීතව කිරි එකතු කිරීම සඳහා ධාවනයට යොදවා ඇති පෞද්ගලික අංශයේ ලොරි රථ කිහිපයක නැවතීමේ පහන්, තිරිංග පහන්, සංඥා පහන් නොමැතිව ධාවනය වන බවත්, එම වාහන පිටුපස ධාවනය වන අනෙකුත් වාහන අනතුරුවලට පත්වීමේ අවදානමක් පවතින බවත් රියදුරන් පවසනවා.
ඉදිරියෙන් ධාවනය වන එම ලොරි රථ ඉදිරියට පැමිණෙන වාහන පිළිබඳ පසුපස ගමන් කරන වාහනවලට සංඥා මගින් දැනුම්දීමක් සිදු නොකරන බවත් හදිසි අවස්ථාවකදී තිරිංග පද්ධතිය ක්‍රියා කරන ආකාරයත් තිරිංග පහන් ක්‍රියා නොකිරීමෙන් පසුපස වාහනයේ ගමන් ගන්නා අයට දැනගැනීමට නොහැකි වීම නිසා පසුපස ගමන් ගන්නා වාහන ඉදිරියෙන් ධාවනය වන එම කිරි ප්‍රවාහනය කරන ලොරි රථවල ගැටීමේ අවදානමක් පවතින බවයි එම රියදුරන් කියා සිටින්නේ.
බගවන්තලාව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් මේ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර ඇති බවද බගවන්තලාව ප්‍රදේශයේ රියදුරන් පවසනවා.