ඊශ්‍රායලය ගාසා තීරය තුළ සිදුකරන සියලු යුද මෙහෙයුම් අත්හිටවිය යුතු බව යෝජිත සටන් විරාමයට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය නිවේදනය කරනවා.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන් විරාමයට හමාස් සංවිධානයේ ප්‍රතිචාරය ඊයේ භාරදී තිබුණා.
ඒ අනුව යෝජිත සටන්විරාමය සඳහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.