කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා.
කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ බවයි.
එසේම එම ප්‍රකාශයකයා වැඩිදුරටත් පවසා ඇත්තේ තම රටේ ගුවන් සීමාවන් උල්ලංඝනය කරන ලද සතුරු ඩ්‍රෝන යානා රැසකට සන්නද්ධ හමුදාව සාර්ථකව මුහුණදී ඇති බවයි.














