ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්රෑමයක් රුපියල් 1,200ක වැනි මුදලකට අලෙවි කිරීමට හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම හේතුවෙන් පාරිභෝගිකයාට මෙම සහන ලබා දිය හැකි බවයි එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ.
මෙම සහන මඟින් ඉදිරියේ දී බිත්තරයක් රුපියල් 40ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බව ද එහි සභාපති අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.