මාතර වෙරළ පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මාතර වෙරළ පාර ප්‍රදේශයේ පිහිටි අවන්හලක හිමිකරුවෙකුට කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ඊයේ (25) රාත්‍රී කාලයේ වෙඩි තබා පළා ගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් යොදාගෙන ඇති බවත් පොලිසිය පවසනවා.
වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ අවන්හල් හිමිකරු වෙඩික්කරු සමග පොර බැදීමක් සිදු කිරීමෙන් පසුව සැකකරු පළා ගොස් තිබෙනවා.
ගිනි අවිය, සජීව පතරොම් හතරක් සහ හිස් කොපුවක් එම ස්ථානයේ දමා ගොස් තිබියදී හමුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.