නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් 47 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර තිබෙන්නේ.
මේ අතර, යාපනය, ඩෙල්ෆ් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් 17 දෙනා ද කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. .