18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් වුණා. 2009, 2011 හා 2016 වර්ෂයන්හි දී මෙම අවස්තාව හිමි කරගත් බැංගලෝර් කණ්ඩායම IPL ඉතිහාසයේ මෙවර මෙම අවස්තාව හිමි කරගත්තේ හතර වන වතාවටයි
කෙසේ නමුත් ඒ කිසිම අවස්ථාවක ඔවුන්ට අවසන් තරගය ජයගැනීමට හැකිවුයේ නැහැ.
තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය (Qualifier-1) ඊයේ (29) රාත්‍රියේ පැවති තරගයෙන් ඔවුන් විසින් පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරන්නට ඔවුන්ට හැකි වුණා.
චන්දිගාර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායමට පන්දුවාර 14.1කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණයි.
බැංගලෝරු වෙනුවෙන් සුයාෂ් ශර්මා (3/17), ජොෂ් හේස්ල්වුඩ් (3/21) හා යෂ් දයාල් (2/26) කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණා.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මාකස් ස්ටොයිනිස්. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 26ක්.
පිල් සෝල්ට් පන්දු 27කින් නොදැවී ලකුණු 56ක් රැස්කළා.
තරගයේ වීරයා ලෙස සුයාෂ් ශර්මා සම්මාන දිනාගත්තා.
කෙසේ නමුත් පරාජය වූ පංජාබ් කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාව හිමි වී තිබෙනවා.