තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට යළි ආරම්භ වනවා.
ඒ අනුව තරගාවලියේ 58 වන තරගය ලෙස Royal Challengers Bengaluru සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර තරගයයි අද මෙලෙස පැවැත්වෙන්නේ.
තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර හටගෙන තිබූ ගැටුම් හේතුවෙන් IPL තරගවාලිය අත්හිටුවා තිබුණා.
මේ අතර තාවකාලිකව අත්හිටුවා තිබූ පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද අද සිට යළි ආරම්භ වනවා.