ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (Lanka IOC )ඉන්ධන වර්ග කිහිපයක මිල යළි තවදුරටත් අද(22) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 572ක් දක්වාද ඉහළ දමා තිබෙනවා.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 487 දක්වාත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 398ක් දක්වාත් ඉහළ නැංවීමටද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (Lanka IOC)පියවර ගෙන තිබෙනවා.
මේ අතර එක්ස්ට්‍රා ග්‍රීන් ඩීසල් මිල රුපියල් 588ක් ලෙසත් එක්ස්ට්‍රා මයිල් ඩීසල් ලීටරයක මිල රුපියල් 551ක් ලෙසත් ඉහළ ගොස් ඇති අතර එක්ස්ට්‍රා ප්‍රිමියම් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 465ක් දක්වා ඉහළ දමා තිබෙනවා.














