ශ්‍රී ලංකාවට අදාළ විස්තීර්ණ ණය වැඩපිලිවෙළ සම්බන්ධයෙන් තුන්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 28 වනදා යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් පසුගියදා සදහන් කළේ, තුන්වැනි සමාලෝචනයෙන් පසු ඉදිරියේදී හතරවන වාරිකය සදහා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇති බවයි.
එම අනුමැතිය හිමිවීමෙන් පසු මෙරටට විස්තීර්ණ ණය මුදලේ සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක මුදලක් මුදා හරිනු ඇති.