ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් එළඹෙන 15 සහ 16 යන දෙදින තුළ මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
IMF පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.
මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව ජුනි 16 වන දින පැවැත්වීමට නියමිත සමුළුව සඳහා ඇය සහභාගී වීමට නියමිත අතර මෙම සමුළුව “ශ්‍රී ලංකාවේ අයකර ගැනීමේ මාවත: ණය සහ පාලනය” යන මැයෙන් පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධතාවය පිළිබඳව පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකා බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද මෙම සංචාරය තුළ අපේක්ෂා කෙරෙන බවද සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?