අයි.එම් .එෆ් නියෝජිතයන් සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බව නිවේදනය කර තිබෙනවා .
ඒ බව විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් මඟින් ලිඛිතව දන්වා ඇති බව සදහන් .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
මෙම සාකච්ඡාව හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.