ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය ඔක්තෝබර් 9 වැනිදා එළැඹ තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එළැඹෙන දෙසැම්බර් 15 වනදා මෙම සමාලෝචනය සලකා බැලීමට නියමිත අතර එහිදී විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසු එක්ත් ජනපද ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවනු ඇති.










