බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජුනි මස 24 වන දින ටී56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා බොරැල්ල පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා.
අදාළ සැකකරු ඊයේ(05) දහවල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිකඩේ පලඟතුරය ප්‍රදේශයේදීයි.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අපරාධයට අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වූ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ වන විට පුද්ගලයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.