හැටන් නගරය අවලස්සන කරන ටියුෂන් ගුරුවරුන්ට රතු එළි දැල්වීමට හැටන් දික්ඔය නගර සභාව පියවර ගෙන තිබෙනවා.
හැටන් නගරයේ අමතර පන්ති පවත්වන සමහර ගුරවරුන් නගරයේ තැන තැන ඉවක් බවක් නොමැතිව පෝස්ටර් ඇලවීමත් සමග හැටන් නගරයේ බොහෝ ස්ථාන අවලස්සන තත්ත්වයට පත්ව තිබෙනවා.
මෙම තත්ත්වයන් පිළිබඳ කරන ලද විමසීමකදී අදහස් දැක්වූ හැටන් නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා කියා සිටියේ මෙලෙස නගරය අවලස්සන කරන අමතර පන්ති ගුරුවරුන්ට මෙය නතර කරන ලෙස දැනුම්දීමට පියවර ගෙන ඇති බවයි.
එලෙස නොකරන අමතර පන්ති ගුරුවරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද හැටන් දික්ඔය නගර සභාවේ නගරාධිපති අශෝක කරුණාරත්න මහතා පවසනවා.