හෙට දිනයේදී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
විශේෂ දැනුම්දීමක් සිදුකරමින් මහා බැංකුව සඳහන් කලේ එහිදී රුපියල් මිලියන 170,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.