පාකිස්ථානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් ප්‍රථම වරට විදෙස් සංචාරයකට එක්වන එරට සංචාරකයින්ට සීමා පනවා තිබෙනවා.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ, ගුජ්රන්වාලා (Gujranwala), ගුජ්රාට් (Gujrat), සියල්කොට් (Sialkot), මන්ඩි බහද්දීන් (Mandi Bahauddin) සහ ජෙලුම් (Jhelum) යන ප්‍රදේශවලින් පැමිණෙන වයස අවුරුදු 35 ක් පමණ වයසැති අයට, සෞදි අරාබිය ඇතුළු රටවල් රැසකට ගමන් කිරීම සම්බන්ධයෙන් මෙලෙස සීමා පනවා තිබෙන බවයි.
එම රටවල් වන්නේ සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, තුර්කිය, කටාර්, අසර්බයිජානය, කුවේට්, කිර්ගිස්තානය, රුසියාව, ඊජිප්තුව, ලිබියාව, ඉතියෝපියාව, සෙනෙගල්, මොරිටේනියාව සහ කෙන්යාව ඇතුළු රටවල් 15ක්.
එම රටවලට පළමුවරට ඇතුළු වන මගීන් සඳහා ඒජන්සිය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන්.