පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම පැවැත්වීමට රජය සැලසුම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සදහන් කළේ පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
එම මතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවන් කිහිපයක් පැන නැගී ඇති බවත් එම බාධාවන් නිරවුල් කිරීමට මේ දිනවල සාකච්ඡා ආරම්භ වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළා.
පළාත් සභා නවයේම නිල කාලය අවසන් වීම හේතුවෙන් වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඒවා පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේයි.
මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පසුගිය දා සදහන් කලේ නීති ගැටලු නිරවුල් කර දුන් වහා මැතිවරණය පැවැත්වීමට සූදානම් බවයි.
එම මැතිවරණය පැවැත්වීමට මුදල් දැනටමත් වෙන් කර ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
- කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
- ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
- අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට
- සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
- රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩවර්ජනයක













