අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් හි මෙලෙස ඉදිරියට පැමිණ ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මේ දිනවල පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන එක්දින තරඟය පාකිස්ථානය පරාජයට පත්වීමත් සමඟයි.
එම සටහනේ තෙවන ස්ථානය ඕස්ටේ්‍රලියාව හිමි කර ගෙන ඇති අතර දෙවන ස්ථානයේ නවසීලන්තය රැඳී සිටිනවා.
මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වන්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි.
එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අමතරව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානයේත්, විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානයේත් ශ්‍රී ලංකාව මේ වන විට පසුවනවා.