රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන්ගේ බිරිඳ එළැඹෙන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේදී අදාළ පැමිණිල්ල අද(09) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කර තිබෙනවා.
එසේම බැකෝ සමන්ගේ බිරිඳට සහ ඇයගේ සමීපතමයන්ට අයත් බැංකු ගිණුම් 13ක්ද තහනම් කර තිබෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද(09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
සැකකාරියට අයත් බැංකු ගිණුම් පහක්ද ඒ අතර පවතින බවයි පොලිසිය පවසන්නේ.