පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට යුද හමුදාව ලවා වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම නඩුව විභාගය පසුගිය 27 වැනිදා අවසන් වූ අතර, එය විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය අනුවයි අද දිනයේදී තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ.
2013 අගෝස්තු පළමු වැනිදා යුද හමුදාව කළ වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මරණයට පත්වූ අතර 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබුවා.
රතුපස්වල වෙඩි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහත්වරුන්ගේ මෙහෙයවීම මත විමර්ශන සිදු කර හමුදා බි්රගේඩියර්වරයකු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කරනු ලැබුවේ.
එම සිව්දෙනාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමෙන් පසු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා නඩුව විභාග කිරීම සදහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබුණා.
උණුසුම් පුවත්
- හිටපු රේගු අධිකාරිවරු සිව් දෙනෙකුගෙන් අභියාචනාධිකරණයට අභියාචනයක්
- උද්ධමන අනුපාතය පහළට
- අතුරුදන් වූ දරුවෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහය පතයි
- 40 වන ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉශාදි අමන්දාට
- පාර්ලිමේන්තු වැටුප පුද්ගලිකව නොගන්නා බවට දේවානන්ද සුරවිරගෙන් ප්‍රකාශයක්
- විදුලිබල මණ්ඩලය හා එයට සම්බන්ධ ආයතනයවල ස්වාධිපත්‍ය ආරක්ශා කරන බව අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගෙන් ප්‍රකාශයක්
- මහනුවර මහ නගරසභාව විසින් නව මෘදුකාංගයක් හදුන්වා දෙයි
- වී සදහා සහතික මිලක්