
මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගමේ පරිපාලන හා මෙහෙයුම් කාර්යයන් වෙනුවෙන් තවත් 35 දෙනෙකු අලුතින් බඳවාගෙන තිබෙනවා. ඒ, බත්තරමුල්ල, ‘සුහුරුපාය’ 19 වන මහලේ පිහිටි ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම නව බඳවා ගැනීම් සඳහා මෙට්‍රෝ බස් රථ රියදුරන් 14 දෙනෙකු, කොන්දොස්තරවරුන් 18 දෙනෙකු, සුපරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ විදුලි කාර්මික ශිල්පියෙකු ඇතුලත් වනවා.














