ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඕස්ටේ්රලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා – ඕස්ටේ්රලියා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සම්මන්ත්‍රණයක් අමතමින් ශ්‍රී ලංකාවේ ඕස්ටේ්රලියානු මහ කොමසාරිස් පෝල් සිටීවන්ස් මහතා මේ පිළිබඳව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ එමඟින් ශ්‍රී ලංකාවට ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු රටවල සිසුන් ආකර්ෂණය කරගැනීමට හැකිවන බවයි.