කොළඹ සිට තලවකැලේ වටගොඩ දක්වා ධාවන වූ ත්‍රීරෝද රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ වෑන් රථයක් අද(17) දින මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරකින් බරපතල ලෙස තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු කිතුල්ගල තැලිගම ප්‍රදේශයේ රෝහල වෙත ඇතුළත් කළ පසු රියදුරු මියගොස් ඇති බව පොල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා පවසනවා.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි එච්.එම්. ඉන්දික ප්‍රියකුමාර නමැති 53 හැවිරිදි අයෙකි.
උදෑසන 9ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය යටිබේලිය ප්‍රදේශයේදීයි.
අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරින් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක්ද තුවාල ලබා තැලිගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් ත්‍රීරෝද රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් වෑන් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම සැකකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.
අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය බවට අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන පොල්පිටිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සැක පළ කරනවා.











