
චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ ගුවන් යානයකින් අමෙරිකා වොෂින්ටන් හි පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණ තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුවයි, ජනාධිපති ෂී ජින්පිං මෙම රාජ්‍ය සංචාරයට එක්ව ඇත්තේ. එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා, ෂී ජින්පිං මහතා සහ පෙං ලීයුවාන් ආර්යාව පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටීම විශේෂත්වයක්.














