හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32-35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
එහි බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවේ වාර්ෂිකව හදිසි අනතුරු හේතුවෙන් පුද්ගල මරණ දස දහසකට වැඩි සංඛ්‍යාවක් සිදු වන බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රථ වාහන අනතුරු, දියේ ගිලීම්, විෂවීම් ඇතුළු හදිසි අනතුරු හේතුවෙන් එම මරණ සිදුවන බවයි.