මෙම වසරේ පළමු මාස තුන ඇතුළත දී සංචාරකයන් 635,734ක් පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව එක් මසකදී සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 2 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙරටට සංචාරකයන් මාර්තු මාසයේ දී පමණක් 209,181ක් පැමිණ ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.