හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල රෝහල ආසන්නයේ දී ලොරි රථයක් යතුරු පැදියක ගැටී, ගසක හැපීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අද පෙරවරු 07.30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන අතර තුවාලකරුවන් අතර කුඩා දරුවන්ද සිටින බවයි වාර්තා වෙන්නේ.
ආනමඩුව තෝනිගල සිට කොළඹ වෙසක් බැලීමට ගිය පිරිසක් මේ අනතුරට මුහුණ දී ඇති අතර මාරවිල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.