විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
36 හැවිරිදි ඔහු තම සමාජ මාධ්‍ය වේදිකාවල මේ පිළිබඳව සඳහන් කර ඇති අතර ඒ අනුව වසර 14 ක තම වෘත්තීය ජීවිතය නිමා කරන බවයි ඔහු පවසා ඇත්තේ.
2011 සිට 2025 දක්වා වන වසර 14 පිළිබඳව ද ඔහු සටහනක් තබා තිබෙනවා.
එළඹෙන ජුනි 20 වන දින ආරම්භ වීමට නියමිත තරග පහකින් සමන්විත ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලියට පෙර ඔහු මේ බව නිවේදනය නිකුත් කිරීම විශේෂත්වයක් වනවා.