ගුවන් හමුදා පාපැදි සවාරිය 26 වන වරට පෙබරවාරි 28, මාර්තු 1,2 යන තෙදින පුරා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග පූර්ණ අනුබද්ධිතව පැවැත්වෙන මෙය මාර්තු 2 වන දිනයට යෙදෙන ගුවන් හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීම විශේෂත්වයක්.
මෙරට පාපැදි තරගකරුවන්ට අති විශේෂ තරගයක් වන මෙය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වෙන අතර ඒ සඳහා මේ වන විටත් තරගකරුවන් විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිනවා.
26වන වරට පැවැත්වෙන පිරිමි පාපැදි තරගයේ පළමු තරගය වීරවිල සිට රත්නපුර දක්වා කිලෝමීටර් 145ක් ආවරණය කරමින් පැවැත්වෙනු ඇති. එහි දෙවැන්න මාර්තු පළමුවන දා රත්නපුර සිට මහනුවර දක්වා කිලෝමීටර් 125 ක් ආවරණයවන පරිදි පැවැත්වෙනවා.
එහි තුන්වන දිනය ලෙස මාර්තු 2 දා කිලෝමීටර් 152ක් ආවරණය කරමින් තරගකරුවන් මහනුවර සිට කොළඹ ගාලුමුවදොරට පැමිණෙනු ඇති.