ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙපළක් පත්ව තිබෙනවා.
ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාවට එරෙහිව ඊයේ පැවති තරගයේ දී ඔවුන් මෙම වාර්තාව පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දුනීසියාව, මියන්මාරය හා ටිමෝර්-ලෙස්ටේ යන රටවල් අතර මෙම තරගාවලිය පවත්වනු ලබනවා.
මෙලෙස ක්‍රීඩාකර ඇත්තේ මොහොමඩ් සුහයිල් සත්තාර් (හා ඔහුගේ පුත්‍රයා වන යායා සුහයිල් නම් පිය-පුතු යුවලයි.
කෙසේ නමුත් මෙම තරගයේ දී ටිමෝර්-ලෙස්ටේ රාජ්‍ය කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලැබුවා.
එහිදී සුහයිල් පියා ලකුණු 14කට දැවී ගිය අතර, සුහයිල් පුත්‍රයා එක් ලකුණකට දැවී ගියා.
උණුසුම් පුවත්
- චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
- ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්
- රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
- ආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට
- තායිලනතයෙන් කාම්භෝජයට ගුවන් ප්‍රහාර










