ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ ඩිජිටල්කරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අධිකරණ කාර්යාල තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම මෙම ඩිජිටල්කරණ වැඩසටහනේ අරමුණයි.
එමෙන්ම අධිකරණයට පැමිණෙන මහජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුව ලබාදීම ද මෙම වැඩසටහනේ අරමුණක් වනවා.
මෙහි පළමු පියවර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව සියලු අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත බවත් අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළා.
ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ සමාරම්භක උත්සවය ලබන 12 වනදා පස්වරු 1 ට කොළඹ අලුත්කඩේ විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- එරිත්‍රියාවේ අවුරුද්දක්ම රඳවාගෙන සිටි ලාංකික නාවිකයන් හය දෙනා දිවයිනට
- හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් අත්අඩංගුවට
- වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
- මාධ්‍යයේ සංසරණය වන ලිපියක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- කාලගුණයෙන් නිවේදනයක්
- පාගමනින් අවාරයේ සිරිපා කරුණාවට යන විශ්‍රාමික රණවිරුවා
- දීපාවලී උත්සවයට දියණියගේ ගෙදරට ගිය මවගේ සිරුර වැවකින් හමුවෙයි













