භූතානයේ කතා නායකවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වී තිබෙනවා.
ඒ භූතානය සහ ඉන්දියාව අතර සබඳතා වර්ධනය කර ගැනීම සඳහායි.
එම සංචාරයේදී භූතානයේ කථානායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.
එමෙන්ම දෙරට අතර ක්‍රියාත්මක විදේශ ප්‍රතිපත්ති සහ තරුණ ප්‍රජාවට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.
ඉන්දියාව මේ වන විටත් භූතානයේ විශාලතම වෙළඳ සහකරුවා වනවා.
මේ අතර භූතානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රැසකටම ඉන්දියාව මේ වන විටත් සිය දායකත්වය ලබා දෙමින් සිටිනවා.