2025 NDTVලෝක සමුළුව අද ආරම්භ වනවා. ඒ, නවදිල්ලි හි භාරත් මණ්ඩපයේදියි.
මෙවර සමුළුවේදී අවධානය යොමු කර ඇත්තේ අස්ථාවරත්වය, අවිනිශ්චිතභාවයන් මැද ලෝකයේ සිදුවන පරිවර්තනයන් පිළිබඳවයි.
රාජ්‍ය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යාපාර නිර්මාතෘවරුන්, නවෝත්පාදකයින් එකට එක්ව සංවාදයේ යෙදීම මෙම සමුළුවේ අරමුණයි.
ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වන අග්‍රාමාත්‍ය ආචාර්්‍ය හරිනි අමරසූරිය මෙනවිය ද මෙම සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිතයි.
සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්.
බි්‍රතාන්‍යයේ හිටපු අගමැති රිශී සුනක් සහ ඕස්ටේ්‍රලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් යන මහත්වරුන්ද සමුළුව ඇමතීමට නියමිතයි.
භෘඔඪ ලෝක සමුළුව, හෙටින් අවසන් වනවා.
මේ අතර ඉන්දීය සංචාරයක නිරත වී සිටින අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ද අද සිදුවීමට නියමිතයි.