පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය එළබඹන සතියේ නිකුත් කරන බවයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කළේ.
තවත් පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.