
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික විරාමය 2027 ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට දෙරට අතර එකඟතාවයකට පැමිණ තිබුනා .














