කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ පිරිමි වැසිකිලිය තුළ දමා ගොස් තිබියිදී කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලදාරීන් විසින් අද(20) සොයාගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ හතළිස් දහසක් පමණ වන බවයි වාර්තා වන්නේ.
මෙහි කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 262ක් තිබී සොයාගෙන තිබෙනවා.
වැසිකිළිය පිරිසිදු කිරීමට පැමිණි සේවකයෙකු මෙම පාර්සල් දැක ඒ සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
පසුව ඔවුන් අදාළ මත්ද්‍රව්‍ය තොගය ඔවුන් භායරට ගෙන තිබෙනවා.