ඊශ්‍රායලය ඉරාණයේ සිවිල් සහ බලශක්ති ඉලක්ක වෙත තව දුරටත් පහර දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊයේ රාත්‍රියේද ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාරයක් සිදු කරනු ලැබුවා.
ඊශ්‍රායලය විසින් ඊයේ ඉරාන අගනගරය වන ටෙහෙරානයේ ශහරාන් තෙල් සංකීර්ණය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
මේ වන විට එම තෙල් සංකීර්ණයේ හට ගෙන ඇති ගින්න පාලනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ඉරාන බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේ.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට ඉරාන සිවිල් වැසියන් 80 දෙනෙකු මිය ගොස් 800 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඉරානය සහ ඊශ්‍රායලය සිය එදිරිවාදීකම් අවසන් කළ යුතු බවයි.
තවද ඉරානය සහ එක්සත් ජනපදය අතර ආරම්භ කිරීමට නියමිතව තිබූ න්‍යශ්ටික සම්පත් පිළිබද සාකච්ඡාද අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට













