මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මියගිය පුද්ගලයෙකු අස්ථි කොටස් හමුවී තිබෙනවා.
මාළු ඇල්ලීමට ගිය පිරිසකගේ දැලකට මෙම අස්ථි කොටස් හමුව තිබෙනවා.
ඇළ ඉවුරේ උණ පඳුරක් ආසන්නයෙන් දැල ගොඩට ගැනීමේදී කමිසයක සිරවී තිබූ අස්ථි කොටස් දැලේ පැටලී ඇති බව වාර්තා වනවා.
පසුව සිදුකළ පරීක්ෂා කිරීමේදී තවත් අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.
අනතුරුව හොරණ මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණ පැවැත්වූ අතර අස්ථි කොටස් හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝග කෙරුණා.