බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර තිබෙනවා.
ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අයර්ලන්ත සංචාරයේ සිට ඔහු පිතිකරණ පුහුණුකරු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.
මොහොමඩ් අෂ්රෆුල් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වනවා.
ඔහු ටෙස්ට් තරග 61 ක්, එක්දින තරග 177ක් සහ විස්සයි විස්ස තරග 23 ක් සඳහා ක්‍රීඩා කර තිබෙනවා.
බංග්ලාදේශයේ හිටපු සහාය පුහුණුකරු මොහොමඩ් සලහුදීන් එම තනතුරෙන් ඉවත්වීමත් සමඟයි මෙලෙස මොහොමඩ් අෂ්රෆුල් ඒ සඳහා නම් කර ඇත්තේ.













