යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
එහිදී දීමනා ලබා දීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි ලේකම්වරයා සදහන් කලේ.
ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා ගෙවී ගිය දෙවසර තුළ ආරක්ෂක අමාත්‍යාංශය පියවර රැසක් ගෙන තිබෙන බවද කමල් ගුණරත්න මහතා පැවසුවා .
ඔහු මේ බව සදහන් කලේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.