වාහන සොරකම්වලට සම්බන්ධ සැකකරුවෙක් ඌගස්මංහන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඌරගස්මංහන්දිය පොලිසියට පසුගිය වසරේ 10 වැනි මස 21 වනදා වාර්තා වී තිබූ රුපියල ලක්ෂ 80ක් පමණ වටිනා කාර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයන් විමර්ශනයක් ආරම්භ කර තිබූ බවයි.
ඒ අනුව ඊයේ(28) දින අළුයම කැස්බෑව ප්‍රදේශයේදී ඌගස්මංහන්දිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 235ක් සහ එම කාර් රථයද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 44ක් වන යටගල, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇල්පිටිය හා බද්දේගම යන ප්‍රදේශවලදී ත්‍රීරෝද රථ දෙකක සොරකම් කිරීම සහ හෝමාගම ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක සොරකම් කිරීමේ අපරාධවලට සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.
සැකකරු ඊයේ(28) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝ මත ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා













