මැතිවරණ කොමිෂන් සභාව අද දින රැස්වීමට නියමිතයි.
එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු රැසක් අද දින පැවැත්වෙන බවයි.
පොලිස්පතිවරයා නොමැතිව මැතිවරණය පවත්වන්නේද යන්න සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබදව අද දින සාකච්ඡා කර තීරණයක් ගන්නා බවටයි සභාපතිවරයා සඳහන් කළේ.
ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා භාරදීම ඇතුළු කටයුතු සඳහා ආරක්ෂාව යෙදවීම සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇති බවයි.