
අතුරුදන්ව සිටි මහනුවර අංකුඹුරේ පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනාගේ මළ සිරුරු වික්ටෝරියා ජලාශයේ තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. .
සිසුන් දෙදෙනා පෙරේදා මහවැලි ගඟ අසබඩ ගැවසෙමින් සිටියදී අතුරුදන්ව තිබුණා.
ඒ අනුව පොලිසිය විසින් වික්ටෝරියා ජලාශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද ඒ පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ.
පසුව එම මළ සිරුරු සිසුන් පදිංචි සිටි අංකුඹුර ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරකින් වූ හාරගම ප්‍රදේශයෙන් හමුවූ බවයි පොලීසිය සදහන් කලේ.














