Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රනිල් හෙට යලිත් අධිකරණයට – VEDIO –

    රනිල් හෙට යලිත් අධිකරණයට – VEDIO –

    2025-08-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව හෙට යළි කැදවීමට නියමිතයි.
    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් පැමිණෙන අතරතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක පැවති බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට, රජයේ මුදල් වැයකර සහභාගි වීම සම්බන්ධයෙනුයි චෝදනා එල්ල වී ඇත්තේ .

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර පසුගිය 22 වනදා නියෝග කළා.
    අනතුරුව නව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගිය හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව හදිසි වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා.

    මේ වනවිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විජලනය මත සංකූලතා තත්ත්වයක් හටගෙන ඇති බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සදහන් කළේ.
    ඒ අනුව, වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණය යටතේ තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මොහුගේ සෞඛ්‍ය තත්ත්වය පූර්ණ යහපත් තත්ත්වයට හැරී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කළේ.

    මේ අතර නෝර්වේහි ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා ද රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා .
    ඔහු ඒ මගින් පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වහාම නිදහස් කල යුතු බවයි.
    එමෙන්ම 2022 වසරේදී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ රට බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු සදහන් කර තිබෙනවා .

    මේ අතර විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව තිබුණා.
    ඒ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සදහායි .

    ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, කාවින්ද ජයවර්ධන හා පලනි දිගම්බරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජී එල් පීරිස් සහ සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් මේ සදහා එක්ව සිටියා.

    පෙර පුව​තශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනයක් කතානායකට
    ඊළඟ පුව​ත ඔන්න අපි නම් ඕවාට නෑ ! – VEDIO –

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group