ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 09 වැනි තරඟයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 185ක් රැස් කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රියාන් පරාග් පන්දු 45කදී නොදැවී ලකුණු 84ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවා 20 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 173ක් පමණයි.
එහිදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝර්නර් ලකුණු 49ක් සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 44ක් රැස් කළා.
පන්දු යැවීමේදී නන්ඩි්‍ර බර්ගර් සහ යුස්වේන්ද්‍ර චහල් කඩුළු 2 බැගින් බිඳ හෙළුවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














